fbpx

බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

COVID-19ForeignHealthHot

බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව කොවිඩ් ආශ්‍රිත මරණ ලක්ෂය ඉක්මවූ දෙවෙනි රාජ්‍යය බවට බ්‍රසීලය පත්ව තිබේ.

වසංගත ව්‍යාප්තිය ආරම්භ වී මාස තුනක කාලය තුළ බ්‍රසීලයේ පුද්ගලයින් පනස් දහස ඉක්මවා මරණයට පත්ව තිබිණි.

එහෙත් ගතවූ දින පනහ තුළ තවත් පුද්ගලයින් පනස් දහසක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, මරණ අනුපාතය අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

බ්‍රසීලය හැරුණු විට කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ එකම රාජ්‍යය වන්නේ එක්සත් ජනපදයයි.

මේ වන විට එරට මරණ සංඛ්‍යාව 165,204 පමණ බව සඳහන් වේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, මෙක්සිකෝව කොරා්නා මරණ අතින් තෙවන ස්ථානයට පත්ව තිබේ. ඒ මරණ 52,006 වාර්තා කරමිනි.

එක්සත් රාජධානියේ කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 46,651 ලෙස සඳහන් වේ.

බ්‍රසීලය තුළ උද්ගතව ඇති අවාසනාවත්ත තත්ත්වය තුළ බොහෝ පාර්ශවයන් සෘජුවම එරට ජනපතිවරයාට චෝදනා එල්ල කර තිබේ.

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සනාරෝ කොරෝනා වසංගතය තුළ අත්තනෝමතික අන්දමින් හැසිර ඇති බවට විවිධ පාර්ශවයන් ගෙන් චෝදනා ලැබ තිබෙන්නේ රට තුළ උත්සන්න වන සෞඛ්‍ය ආපදාව මධ්‍යයේ වසා දැමීමේ නීති ලිහිල් කිරීමට කටයුතු කිරීම නිසාය.

එරට කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමඟ බොල්සනාරෝ ගේ ගොදුරු ලක්ෂය යනුවෙන් සටන් පාඨයක් ද රියෝ ද ජනයිරෝ නගරයේ මතුව තිබේ.

බොල්සනාරෝ ට ඉකුත් මස කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි.

Isuru Parakrama |outboundtoday.com

Leave a Reply