මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්රික් මනාප ගණන් කිරීමේදී අක්රමිකතාවයක් සිදු වී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සනී රෝහණ කොඩිතුවක්කු මහතා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටිනවා. මේ නිසා තමාට බලවත් අසාධාරණයක් වූ බවයි ඔහු පවසන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන සනී රෝහණ මහතා මෙවර පොදුජන පෙරමුණින් තරග කළ අතර ඔහු එම පක්ෂයේ මනාප ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පත් විය.
ඔහු පවසන්නේ මනාප ගණන් කරන අවස්ථාවේදී තමන්ගේ පක්ෂයේම පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීම මත කුමන්ත්රණයක් සිදුව ඇති බවයි. මේ නිසා තමාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තිබූ අවස්ථාව අහිමි වූ බව ඔහු පවසනවා.
මේ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාටද පැමිණිලි කර ඇති අතර ඉදිරියේදී නීතිමය ක්රියමාර්ග ගන්නා බව ද ඔහු පවසනවා.
මීට පෙර පොදුජන පෙරමුණෙන් තරග කර පරාජයට පත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුම මෙවැනි චෝදනාවක් එල්ල කළ අතර ඔවුන්ගෙන් ඇතැමුන් දෙවින් ඉදිරියේ පොල් ගැසීමට ද කටයුතු කළේය. මනාප ගණනය කිරීමේදී අක්රමිකතා සිදු වූ බවට චෝදනා කරන බොහෝ අපේක්ෂකයන්, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූවන් වීම ද විශේෂත්වයකි.