logo
Info Sri Lanka | www.infosrilanka.lk

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ කණ්ඩායමත් සාකච්ඡා කිරීමට එකඟ නම් එක්සත් ජාතික පක්ෂය වශයෙන් යළි එකතු වීම පිළිබඳ සාකච්ඡා කළ හැකි බවත් එහි කිසිදු ගැටළුවක් නොමැති බවත් රුවන් විජේවර්ධන මහතා පවසයි.

“ඉදිරියට ඒ කට්ටියත් එක්කත් සාකච්ඡා කරලා බලමු. ඒගොල්ලොන්ගෙත් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවාද කියන එක, එව්වත් බලමු.

කොහොමත් දැනට අපට එහෙම කතා කරලාත් නෑ, අපි කතා කරන්න ගිහිල්ලාත් නෑ. නමුත් ඉදිරියේදී රට වෙනුවෙන් එවැනි යම්කිසි සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා නම් අපි සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙන්නම්. කිසි ප්‍රශ්නයක් නෑ ඒ ගැන” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

පක්ෂ නායකත්වය ලැබුණහොත් බාරගන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදියකු කළ විමසීමකදී රුවන් විජේවර්ධන මහතා පැවසුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙන්ම සියලුම පක්ෂ සාමාජිකයින්ගේ ද එකඟතාව ඇතිව තමන්ට පක්ෂ නායකත්වය ලැබෙන්නේ නම් එය බාරගෙන පක්ෂය යළි ගොඩනැඟීමට ක්‍රියා කරන බවයි.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator