Info Sri Lanka | www.infosrilanka.lk

රනිල්, අනුර, සම්පන්ධන් ඇතුළු 11 කට සිතාසි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු පක්ෂ නායකයින් තිදෙනකු ඇතුළු හිටපු ඇමතිවරුන් පස් දෙනකුට ලබන 21 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න අද (12) සිතාසි නිකුත් කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහට අමතරව සිතාසි නිකුත්කළ අනෙක් පිරිස වන්නේ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්ධන්, එම් ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා , හා මලික් සමරවික්‍රම යන මන්ත්‍රී වරුන් සහ ජනාධිපති නිතීඥවරුන් වන ජයම්පති වික්‍රමරත්න සහ ජේ.සී වැලිඅමුණ යන පිරිසය.

ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලෙකම් නිහාල් ජයතිලක මෙම ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිසට එලෙස සිතාසි නිකුත් කෙරිණි.

පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, ඉසුරුම්ලත් නිවාස වැඩසටහන යටතේ පිරිසකට සහනාධාර ලබා දීම සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පිරිසකට වන්දි හා පාරිතෝශික ලබා දීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්බාරයට පත් කර ඇත්තේ ඉහත වග උත්තරකරුවන් තමාගෙන් දේශපාලනිකව පළි ගැනීම පිණිස බවයි.
මේ අනුව සිතාසි නිකුත් කෙරුණු පිරිස මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කළ ජනාධපිති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මෙම පැමිණිල්ල ලබන 21 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

Related news

වයස 16ක සිසුවෙකු වසර 4ක් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරිය

administrator

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් සොයා ගැනේ

administrator

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කියන්න; කාදිනල් හිමි හෙට වතිකානයට

administrator

ලොහාන්ගේ අමාත්‍යංශය යළිත් පිහිටුවයි: ඇමතිකම පෙන්ඩින්!

administrator

උපාධිය දවසේ ගත්ත පින්තූරයෙන් ජනප්‍රිය වුණු චාමිකා (photos)

administrator

ජනාධිපතිටත් වඩා පඩි ගන්න නර්ස්ලා: නර්ස් හාමුදුරුවෝ හෙළිකරයි

administrator