fbpx

එජාපය සමඟ සාකච්ඡා කිරීමට සජබ සුදානම්: තිස්ස

HotPoliticalTissa Attanayake

එක්සත් ජාතික පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසනවා. ලබන 20 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් සිදු කිරීම සඳහා අවස්ථාව සලසා ගත හැකි බවයි සමගි ජන බලවේගයේ ඉදිරි පෙළ නායකයෙකු වන තිස්ස අත්තනායක මහතා පවසන්නේ.

එජාපය එවැනි සාකච්ඡාවක් සඳහා මෙතෙක් සූදානම් වී නොමැති නමුත්, එජාපයට අවශ්‍ය නම් සමගි ජන බලවේගය ඒ සඳහා සූදානම් බව අත්තනායක මහතා පවසනවා.

එජාප නායකත්වය සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වෙන බව වාර්තා වී තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව මීට පෙර වාර්තා වූ අතර ඊළඟ නායකත්වය භාර ගැනීම සඳහා කිහිප දෙනෙකු ඉදිරිපත් වී සිටින බවද වාර්තා විය.

Leave a Reply