fbpx

ජනපතිට උත්සව වලට එන්න බැහැලු; රට හදන්න වෙලාව ඉල්ලයි

Gotabhaya RajapakseHotLocal

පෞද්ගලික උත්සව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් නොකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යපෘති කඩිනම් කිරිමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසදීමට ජනාධිපතිවරයා දෛනික නිල කාර්යයන් හි ප්‍රමුඛත්වය ලබාදී ඇති බව සදහන් කරන ජනාධිපති මාධ්‍ය අංශය ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරිමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල උත්සව හා සාද වැනි අවස්ථාවන්ට සහභාගි වීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

Leave a Reply