fbpx
Info Sri Lanka

සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට ජපාන සහාය

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර රාජතාන්ත්‍රික හමුවක් ඊයේ (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය. පසුගිය මහා මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති ධූරයට පත්වීම පිළිබඳව තානාපතිවරයා එහි දී සිය සුබ පැතුම් එකතු කළේය.

COVID-19 වසංගතය මධ්‍යයේ මැතිවරණයක් පැවැත්වීම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය පැහැදිලිව පෙන්නුම් කරන බව ද තානාපති සුගියාමා මහතා අවධාරණය කළේය. ජපාන අග්‍රාමාත්‍ය සිං ෂෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාෂි යන මහත්වරුන්ගේ සුබ පැතුම් ලිපි ද තානාපති සුගියාමා මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

දෙරටේ දූත පිරිස නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා කළ අතර සියලු ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය සැපයීමේ අවශ්‍යතාව පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේය.
යටිතල පහසුකම්, ජලය, අපජල කළමනාකරණය, කෘෂිකර්මාන්තය, මානව සම්පත් සංවර්ධනය සහ ත්‍රස්තවාදය පිටුදැකීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ජපානය මෙරට සිදුකරන ව්‍යාපෘති පිළිබඳ සඳහන් කළ තානාපතිවරයා ජපානයට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ආධාර සැපයිය හැකි බව ද පෙන්වා දුන්නේය.

පශ්චාත් COVID-19 අභියෝග පිළිබඳ අදහස් දැක් වූ තානාපති සුගියාමා මහතා කියා සිටියේ නැවත වරක් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට සහ ජපාන ආයෝජකයින් ආකර්ෂණය කර දීමට ජපාන රජය උනන්දු වන බවයි. ජපානය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැප වී සිටින බව ද ඔහු තවදුරටත් අවධාරණය කළේය.

දිගුකාලීන සබඳතා නව මානයකින් ඉහළට ගෙන යාමට නව ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද තානාපතිවරයා සඳහන් කළේය.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.