fbpx
Info Sri Lanka

ඇමරිකාවෙන් නිවේදනයක්: සමාගම් 24කට සම්බාධක පනවයි

දකුණු චීන මුහුදේ ආරවුලට තුඩු දී ඇති ප්‍රත්‍යන්තර ස්ථානය සිදුකෙරෙන මහාපරිමාණ ගොඩකිරීම්, ඉදිකිරම් හෝ හමුදාකරණය සඳහා හෝ අග්නිදිග ආසියානු හිමිකම් පාන්නන් අක්වෙරළ සම්පත් කරා ප්‍රවේශවීම සීමා කිරීමේ අරමුණින් මහජන චීන ජනරජය විසින් ඔවුන් වෙත බලාත්කාරය යෙදවීම සඳහා වගකිවයුතු හෝ සහාය දෙන මහජන චීන ජනරජ පුද්ගලයින් මත වීසා සීමාකිරීම් පැනවීමට එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපර්තමේන්තුව විසින් අගෝස්තු 26 වැනි දින කටයුතු කර තිබේ.

දැන්, එම පුද්ගලයින්ට එක්සත් ඇතුළුවීමට නොහැකි වනු ඇති අතර, ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද මෙම වීසා සීමා කිරීම් සඳහා පාත්‍රවීමට ඉඩ තිබේ. තවද China Communications Construction Company (CCCC) සමාගමේ පරිපාලිත සමාගම් කිහිපයක් ද ඇතුළුව, මහජන චීන ජනරජයට අයත් රාජ්‍ය ව්‍යාපාර 24ක් ද වාණිජ දෙපාර්තමේන්තුව (Department of Commerce විසින් අස්ථිත්ව ලැයිස්තුවට ට (Entity List) ඇතුළත් කර තිබේ. මෙම සම්බාධක යටතේ, එක්සත් ජනපදයේ උත්පාදිත ඇතැම් භාණ්ඩ ඉහත කී අස්ථිත්ව ලැයිස්තුවට ඇතුළත් වී තිබෙන සමාගමක් වෙත ලබාදීමට ප්‍රථමයෙන් අපනයන පරිපාලන රෙගුලාසි යටතේ බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය විය හැකිය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දියත් කරනු ලබන CHEC Port City Colombo (Pvt) සමාගම China Communications Construction Company (CCCC) හි පරිපාලිත සමාගමකි.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.