fbpx
Info Sri Lanka

වෛද්‍ය සභාවේ රුසියන් මඟඩිය!

පහුගිය දවස්වල රුසියාවේ වෛද්‍ය උපාධි පිළිනොගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කිරීම සමග බැඳෙන කාරණා කීපයක් තියෙනවා.

වෛද්‍ය සභාව තහනම් කරපු ඇතැම් සරසවි වෛද්‍ය අධ්‍යාපනය අතින් ලංකාවේ ඕනෑම සරසවියකට වඩා ඉහළ තියෙන ඒවා. එතකොට ඒ සරසවි හොඳ නැත්නම් මෙහේ ඒවා හොඳ වෙන්නෙ කොහොමද කියන එක සරල ප්‍රශ්නයක්.

මේ සිද්ධිය ලොකු රණ්ඩුවකට පෙරලුණේ වෛද්‍ය සභාවේ උද්දච්චකම නිසයි. රුසියාවෙ යන්න හිටපු ළමයි ඒ ගැන අහද්දි යුනිවර්සිටි තහනම් කරා කියල ලියුම් දුන්නා. හැබැයි සමාජවාදී රටවල උපාධිධාරීන්ගේ සංගමය ඒ ගැන ඇහුවම උත්තර ලැබුණෙ නෑ. ඊට පස්සෙ රුසියානු තානාපති කාර්යාලය විදේශ අමාත්‍යංශය වෙත යැව්ව Third Person Note එකටත් පිළිතුරු එන්න ප්‍රමාද වුණා. (ආවාද දන්නෙ නෑ).

මේ ප්‍රශ්නෙ මාධ්‍යවලින් අදින්න ගත්තම, SLMC එකට මාධ්‍ය මග අරින්න බැරුව ගියාම, එක එක දේවල් මාධ්‍යයට කිව්වා.

මේ ප්‍රශ්නය ගොඩින් බේරගන්න ඕනකම තිබ්බා නම් ඒ අයට තිබුණෙ තමුන් ගත්තු තීරණය පැහැදිලි කරලා රුසියන් එම්බසි එකට ලියන එක. ඒක කරේ නෑ. රුසියන් එම්බසියෙ නිලධාරියෙක් මට කීවෙ “අපි දන්නෙ නෑ මොනව කියයිද කියලා. ඒගොල්ලො නිව්ස්වලට නෙ මොනවහරි කියන්නෙ. අපිට කතා කරන්නෙ නෑ” කියල.

සරලව කිව්වොත් SLMC එක කරේ “උස් තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ” ක්‍රමේ. ළමයින්ට සද්ද දාලා, ඊට වඩා ඉහළින් එන විමසීම්වලට උත්තර නොදීම. ඔහොම අයට එස්. මහින්ද හාමුදුරුවෝ නම් කිව්වෙ “නිවටුන්”, ඒ කියන්නෙ නිවටයො කියල.

වෛද්‍ය සංගමේ සභාපති මීඩියා එකකට කියනව “මෙතන ෆයිනෑන්ෂල් ප්‍රශ්නයක් තියෙනව නෙ. ළමයි යවන එක බිස්නස් එකක් නෙ. ලංකාවෙ අයත් කරනවනෙ” යනුවෙන්. රුසියාවෙ ළමයින් යවන එක නැවැත්තුවාම වාසිය එන්නෙ චීනය ආදී වෙන රටවලට ළමයි යවන ඒජන්සිවලට. ඒ ඒජන්සි පිනට ඕක කරනව, රුසියාවෙ යවන්න විතරයි සල්ලි ගන්නෙ කියලද SLMC එක කියන්නෙ? සභාපතිගෙ ඔය ප්‍රකාශයෙන් සැක හිතන්න පුළුවන් දේ තමා SLMC එක චීනයට හෝ වෙනත් රටකට ළමයි යවන ඒජන්සිකාරයින් එක්ක එකතු වෙලා මේ වැඩේ කරා කියන එක. රුසියාවෙ යන්න බැරුව ගියාම ළමයි අනෙක් ඔප්ෂන්ස් හොයනව නෙ. එතකොට මේ තීරණයට හේතු වුණේ SLMC සභාපතිම කියන විදියට මූල්‍යමය කාරණයක් නම්, ඒක මොකක්ද කියල හොයන්න ඕන කියලයි මං හිතන්නෙ. ඒ වගේම මේ ඒජන්සිවලට ඇතැම් වෛද්‍ය ක්ෂේත්‍රයේ අයත් සම්බන්ධයි. ඒ නිසා SLMC එකට සුදුහුණු ගාන සමහරුන්ගෙ යටි අරමුණ සද්භාවයෙන් තොර වෙන්න පුළුවන්.

දැන් SLMC එකට සුදුහුණු ගාන්න හදන අය කියන්න හදනව දේශපාලන පීඩනයකින් තමා මේක වුණේ කියල. ඇත්තටම වුණේ ලංකාවෙ මාධ්‍යවලින් ප්‍රශ්න කරපු එකෙන් හැදිච්ච රැල්ල විසින් SLMC එක යට වෙච්ච එක. ඒක වහගන්න තමා දැන් රුසියාවෙන් ආපු දේශපාලන පීඩනයක් ගැන කතා කියවන්න සමහරු උත්සාහ කරන්නෙ. ප්‍රශ්නෙ මේකයි. සරසවි තහනම් කරන තීරණේ ගත්තෙ, ඒකට කරුණු ඇහුවම ඒවා ඉදිරිපත් නොකර හැංගුණේ, මොන බලපෑමෙන් ද? ජූනි 26 රැස්වීම් වාරයෙ වාර්තා කෝ? ඕනම වෘත්තීයමය ආයතනයක රැස්වීම්වල වාර්තා තියෙන්න ඕන. යම් යෝජනාවක් කරපු අය, ස්ථිර කරපු අය ආදිය සටහන් වෙන්න ඕන. ගමේ ගොඩේ මරණාධාර සමිතියක තරම්වත් professional ගතියක් නැතිව කොළේ වහල ගේම් ගහන ආයතනයක් ද ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනය ගැන හොයන්නෙ?

අනික, මේ ඔක්කොම කරේ රුසියාවෙ හයිය දැනගෙන නෙ. රුසියාවෙ ජනාධිපති සිරිසේන වගේ එක්කෙනෙක් කියල SLMC එක හිතාගෙන හිටියා වෙන්න බෑ නෙ. ඒක දැන දැනත් මේ වගේ කරන්න නම් SLMC එකට ලොකු හයියක් තියෙන්න ඕන. මොකක්ද ඒ හයිය? ඒජන්සිද? වෙන අය ද? මේ ගැනත් හොයන්න ඕන නේද?

  • චාමර සුමනපාල

Related posts

කොළඹ කොරෝනා අවදානමත් ඉහළට

administrator

ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීම “මාතෘත්වයට නිගාවක්”

administrator

සියලුම අධිවේගී මාර්ග තනි සමාගමක් යටතට

administrator

පින්නවල සහ කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් සේවකයින් පිරිසකටත් කොවිඩ්

administrator

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.