fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

රුවන් – සජිත් සාකච්ඡාවක්; එකට වැඩ කිරීමේ සුදානමක්!

තමන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයෙහි මන්ත්‍රීවරුන් සමඟ දුරකථන සංවාදයක නිරත වූ බවත් ඉදිරියේදී ඔවුන් සමඟ එක්ව වැඩ කිරීමේ හැකියාවක් පවතින බවත් එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

සමගි ජන බලවේගයෙන් දුරකථන ඇමතුමක් හෝ නොලැබුණේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී “ආවා, ආවා. මං ඊයෙ කතා කෙරුවා අපෙ සජිත් ප්‍රේමදාස මැතිතුමාටත්. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා, තලතා අතුකෝරාළ මන්ත්‍රීතුමිය … මේ වගේ සමගි ජන බලවේගයේ අපේ මිත්‍රවරුන් නේ ඉන්නෙ ඉතිං. ගොඩක් අය මට දුරකථනයෙන් කතා කරලා සුබපැතුවා. ඇත්තෙන්ම ඉතිං අපට පුළුවන් ඉදිරියේදී එකට වැඩකරන්න” යනුවෙනුයි ඒ මහතා පිළිතුරු ලබාදුන්නේ.

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (17) දිනට යෙදී තිබුණු හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 114 වන ජන්ම දින සමරුව වෙනුවෙන් ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator