fbpx
Info Sri Lanka

අගමැති යෝජනා සංශෝධනවල නැහැ: වචන විතරක් වෙනස්

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනයට ලක් කිරීමට

නියමිත කරුණු වශයෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ලියවිල්ලේ අගමැතිවරයාගේ කමිටුව ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ඊට විරුද්ධ ආණ්ඩු හිතවාදී පාර්ශව ඉදිරිපත් කළ යෝජනා ද ඇතුළත්ව නොමැත.

පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී කරන සංශෝධන අතර ප්‍රධාන සංශෝධනය වශයෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි බව පමණි.

විසිවන සංශෝධනය කෙටුම්පතේ එය සඳහන් කර තිබුණේ අවුරුද්දක කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බව ය.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ කාර්යාලය හා අගමැතිවරයාගේ කාර්යාලය විගණනයට යටත් කර ඇතත් විගණන කොමිසම හෝ ප්‍රසම්පාදන කොමිසම යළි ස්ථාපිත කෙරෙන්නේ නැත.

ජනාධිපතිවරයාගේ කාර්යාලය හා අගමැතිවරයාගේ කාර්යාලය විගණනයට යටත් කර ඇතත් විගණන කොමිසම හෝ ප්‍රසම්පාදන කොමිසම යළි ස්ථාපිත කෙරෙන්නේ නැත.

ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ලැබෙන අතර අමාත්‍ය මන්ඩලයේ සංඛ්‍යාවට තිබුණු සීමාව ඉවත් කිරීමද එලෙසමය.

ජනාධිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ඉවත් කිරීමේ යෝජනාව එලෙසම පවතින අතර විසිවන සංශෝධනය සම්මත වීමට පෙර පැවති නඩු වලට පමණක් එම ප්‍රතිපාදනය සීමාවේ.

පනත් කෙටුම්පතක් ප්‍රකාශ කිරීමෙන් පසු ගිය දින හතක (07) කාලයකින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම් වෙනස් කර නැති අතර එසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී සංශෝධනය ඉදිරිපත් කිරීම ද ඉවත් කර තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ජනාධිපතිවරයාගේ කාර්යයක් ලෙස නැවත ඇතුලත් කර ඇති අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 3 සිට 5 දක්වා වැඩිකර ඇත.

එමෙන්ම ඒ අතරින් අයෙකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හෝ ඊට ඉහල ධුරයක් දැරිය යුතු යන ප්‍රතිපාදනය යළි ඇතුළත් කර ඇත.

# අග්‍ර විනිශ්චකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීම්ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුලු විනිශ්චයකාරවරුන් පත් කිරීම් ද තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතින අතර අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරයද අග්‍ර විනිශ්චකාරවරයාට නිල වශයෙන් ලැබෙන්නේ නැත.

එම පත්කිරීම කරන්නේ ද ජනාධිපතිවරයා විසින්ය.

# පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පත්කිරීම ජනාධිපතිවරයා සිදුකරන අතර වෙනසකට ඇත්තේ ඒ සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය ඉල්ලා සිටීම පමණය.

එසේ වුවද එම පත්කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට බාධාවක් නැත.

පාර්ලිමේන්තු සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයා අලුතින් යෝජනා කර ඇත.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට වූ දිවුරුම හා රටේ ඒකීයභාවය රකින බවට දිවුරුම නැවත ඇතුළත් කර තිබේ.

විශේෂ ලෙස ම මෙම සංශෝධන තුළ ඇත්තේ විසිවන සංශෝධනය ඇති වචන නිවැරදි කිරීමේ සංශෝධන රාශියක් පමණය.

(ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පතේ ප්‍රධාන පුවත)

පිළිතුරු දීමේ අයිතිය

Right of Reply

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.