ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ මහතා විසින් 20 වන සංශෝධනය පිළිබද කරුණු ඇතුළත් කොට විශේෂ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇත.
ඉකුත් සදුදා දින මෙම ලිපිය යොමු කර ඇති බව දැනගන්නට තිබේ.
එම ලිපිය මගින් විජේදාස රාජපක්ෂ මහතා 20 වන සංශෝධනයේ ඇති අහිතකර වගන්ති පිළිබද විස්තරාත්මක පැහැදිලි කිරීමක් කර ඇති බවද දැනගන්නට තිබේ.
වත්මන් ජනාධිපතිවරයාගෙන් පසුව ජනාධිපති ධූරය සදහා පත්වන යමකු විසින් 20 වන සංශෝධනයේ ඇතුළත් කොට ඇති යම් යම් වගන්ති අහිතකර ලෙස භාවිත කිරීමේ අනතුරක් ඇති බවද විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් 20 වන සංශෝධනයේ ඇති අහිතකර තැන් නිවැරදි කරන ලෙස ඉල්ලීමක්ද විජේදාස රාජපක්ෂ මහතා විසින් සිය ලිපිය මගින් සිදු කොට තිබේ.
මෙම ලිපියේ පිටපතක් ජනාධිපති ලේකම්වරයා වෙතද යොමු කිරීමට ඒ මහතා කටයුතු කොට ඇත.