fbpx
Info Sri Lanka

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ විශාලම කඩාවැටීමට අද

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම කඩා වැටීම අද (05) දින වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 462.99 කින් පහළ ගිය අතර මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 400 ක් ඉක්මවූ අගයකින් පහළ ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ.

මීට පෙර තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම පහළ යාම මෙම වසරේ මාර්තු 20 දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 303.10 ක පහළ යාමක් වාර්තා විය.

මේ අතර අද දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 178.24 ක පහළ යාමක් වාර්තා කළේය.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,587.18ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 178.24ක් ලෙසත් සටහන්ව තිබිණ.

දිනය තුළ අවස්ථා දෙකක දී ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර S&P SL20 දර්ශකය පිළිවෙලින් පූර්ව දිනයට සාපේක්ෂව 5%ක් හා 7.5% ක් ඉක්මවා පහළ යාම හේතුවෙන් පෙරවරු 11.07ට සහ පෙරවරු 11.43 ට මිනිත්තු 30 ක් බැගින් මෙලෙස ගනුදෙනු අත්හිටුවන ලදී.

අද දින රු. බිලියන 3.82 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 300 ක් ඉක්මවූ පහළ යාමක් මුල් වරට වාර්තා වූයේ 2010 ඔක්තෝබර් 12 දිනයේ දීය. එදින ඒකක 300.59 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ යන ලදී.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.