fbpx
Info Sri Lanka

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

ඉන්දියානු ප‍්‍රිමියර් ලීග් විස්සයි – 20 තරගාවලියට සමගාමීව ඩුබායිහිදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි – 20 තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනට අවස්ථාව උදාවී තිබේ.

ලබන නොවැම්බර් මස 4 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තෙවැනි වරටය.

කණ්ඩායම් තුනක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වීම සඳහා චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන මේ මස අගභාගයේදී සාජා නුවර බලා පිටත්ව යෑමට නියමිත ඇතැයි වාර්තා වේ.

චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන සමඟ බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයෙන් ද ක්‍රීඩිකාවන් කිහිපදෙනකු එක්වීමට නියමිතව ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කොරෝනා සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුව දින 6ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කරයි.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

විශේෂ තැන්පතු ගිණුම් සම්බන්ධ නීති අලුත්වෙයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.