පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ජාලිය සේනාරත්න මහතා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව නැවත වතාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පත්කොට තිබේ.
පසුගියදා රියාජ් බදුර්දීන් මහතා රහස් පොලිසිය මගින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ සාක්ෂි නොමැති නිසා ඒ මහතා නිදහස් කළ බවකි.
නමුත් මීට මාස කිහිපයකට පෙර ඒ මහතා කියා සිටියේ රියාජ් බදුර්දීන් හා පාස්කු ප්‍රහාරකයන් අතර සබධතා තිබූ බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇති බවකි.