fbpx
Info Sri Lanka

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

මෙවර ලංකාවේ පැතිරී යන කොරෝනා වයිරසයේ සාන්ද්‍රණය වෙනදාට වඩා ඉතා අධික වී ඇති බවත්, මේ හේතුව මත රෝගය ඉතා ඉක්මනින් වැළදීමේ විශාල අවදානමක් මතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අනාවරණය කරයි.

මාධ්‍ය හමුවේ විශේෂ අනාවරණයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

‘මම ඊයෙ දවස තුළ වෛද්‍ය පර්යේෂණ ආයතනයට කතා කළා. එතෙන්දි හෙළිදරව් වෙච්ච කාරණය තමයි මේ කාන්තාවගේ වගේම මේ දැන් අපි අලුතින් හොයාගන්න රෝගීන්ගෙ – දැන් 800 ගාණක් හොයාගෙන තියෙනවා, ඒ සියලු දෙනාගෙම – වෛරල් ලෝඩ් එක, එහෙම නැත්නම් ඇඟේ තිබෙන වෛරස් සාන්ද්‍රණය ඉතාම අධික මට්ටමක තියෙනවා. ඒ නිසා අපි සැක කරනවා මෙච්චර දවසක් ලංකාවෙ තිබිච්ච මේ වෛරසයේ යම් වෙනසක් සිද්ධ වෙලාද මෙච්චර විශාල වෛරස් ප්‍රමාණයක් ඇඟ ඇතුළෙ තියෙන්න කියලා.

එතකොට මේ හරහා එන අවදානම තමයි මේ හරහා එක් පුද්ගලයෙක්ගෙන් තව කිහිපදෙනෙක්ට රෝගය වැළඳෙන්න තියෙන ඉඩකඩ ගොඩක් ප්‍රමාණයකින් වැඩිවෙලා තියෙනවා. ඉතිං ඒක අපි හරියට කළමනාකරණය කරගන්න ඕනෙ” යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලට කොරෝනා ආවෙ සැප්තැම්බර් 20 ටත් කලින්

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පළමුවරට හඳුනා ගත් ආසාදිත කාන්තාව එම ආසාදිත පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නිරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අදාල ඇඟළු ආයතනයේ සේවකයන් අතර සැප්තැම්බර් 20 වැනිදා සිට ශ්වසන රෝග තිබී ඇති බවයි. ඒ අනුව සැප්තැම්බර් 20 වැනිදා වනවිටත් අදාල ආයතනයේ සේවකයන් අතර වෛරසය ව්‍යාප්තව පැවති බවට සැක කිරීමට සිදුවන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු නිරීක්ෂණය කරන බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ මෙම ආයතනය වෛරසය බෝවූයේ කෙසේද යන්න තවමත් හඳුනාගත නොහැකි වී ඇති බවයි. ඉන්දීය ජාතිකයන් පිරිසක් පසුගිය දිනවලදී මෙම ආයතනය වෙත පැමිණ ඇති බවට වාර්තා වී තිබුණද එය තවමත් තහවුරු කරගෙන නොමැති බවද වෛද්‍යවරයා පවසනවා. වෛරසය මෙම ආයතනය වෙත පැමිණියේ කෙසේද යන්න සොයා ගැනීමට නොහැකි වීම වෛසරය පාලනය කිරීමට බාධාවක් නොවන නමුත් පැමිණි ආකාරය සොයා ගැනීමට තිබුණේ නම් වඩාත් පහසු බවද සුදත් සමරවීර මහතා පවසනවා.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

විශේෂ තැන්පතු ගිණුම් සම්බන්ධ නීති අලුත්වෙයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.