fbpx
Info Sri Lanka

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

ගම්පහ මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ගම්පහ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා මේ බව තහවුරු කර තිබේ.

මෙම වෛද්‍යවරයාට අයත් පෞද්ගලික බෙහෙත් ශාලාවකින්, මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙන ඇඟළුම් සේවිකාවක ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු අදාල වෛද්‍යවරයා මේ වනවිට අයිඩීඑච් රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

මේ අතර රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයීය (Royal Colombo Golf Club) ක්‍රීඩා පිටියෙහි උද්‍යාන අලංකරණ ශිල්පියෙකු (gardener) ලෙස සේවය කරනු ලබන අයෙකුගේ දියණියක කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් අදාළ ක්‍රීඩා සමාජය තාවකාලිකව වසා දැමීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම උද්‍යාන අලංකරණ ශිල්පියාගේ දියණිය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකාවකි.

මේ අතර එම උද්‍යාන අලංකරණ ශිල්පියා සහ ඔහුගේ පවුලේ සාමජිකයින් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කටයුතු සලස්වා ඇති බවද, ඔහු ඔක්තෝබර් 03 දින දක්වා මෙම ක්‍රීඩා සමාජයේ සේවයේ නිරතව සිට ඇති බව ද රාජකීය කොළඹ ගොල්ෆ් සමාජය සිය සාමාජිකයින් වෙනුවෙන් දැනුම් දී සිටී.

තවද රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයීය වැඩිදුරටත් සිය සාමාජිකයින් වෙත දැනුම් දී සිටින්නේ මේ සම්බන්ධ නිවැරදි තොරතුරු සඳහා සියලු විමසීම් [email protected] වෙත යොමු කරන ලෙසයි.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

විශේෂ තැන්පතු ගිණුම් සම්බන්ධ නීති අලුත්වෙයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.