fbpx
Info Sri Lanka

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

දහස ඉක්මවන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවය කරන සියලු දෙනා නිරෝධායනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 04 වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 14 කට එම සේවකයන් එක්රැස් කිරීමට පියවර ගෙන තිබෙන අතර පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අදාල සේවකයන් තමන්ට ආසන්නතම ස්ථානය වෙත වාර්තා කළ යුතු බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත රැඳී සිටින සේවකයන් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත වාර්තා කළයුතු බවද පොලීසිය දන්වා සිටිනවා.

මීට එකඟ නොවන සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවද පොලීසිය පවසනවා.

සේවකයන් එක් විය යුතු ස්ථාන

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය
ගනේමුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට
මිනුවන්ගොඩ යකහටුව හන්දිය
වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රීඩාංගණය
නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පල්ලෙවෙල තැපැල් කන්තෝරුව අසල
මීරිගම ප්‍රධාන බස්නැවතුම්පොළ
වීරගුල පොලිස් ස්ථානය ඉදිරිපිට
යක්කල මිරිස්වත්ත ප්‍රාදේශීය සභාව අසල
මල්වතු හිරිපිටිය නෙල්ලිගහමුල්ල ඉන්ධන පිරවුම්හළ අසල
වැලිවේරිය පොලිස් ස්ථානය අසල
කිරිඳිවැල වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල
දොම්පේ පොලිස් ස්ථානය අසල
පූගොඩ පැල්පිට කණිෂ්ඨ විද්‍යාලය අසල

Related posts

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

විශේෂ තැන්පතු ගිණුම් සම්බන්ධ නීති අලුත්වෙයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.