fbpx
Info Sri Lanka

පින්නවල සහ කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් සේවකයින් පිරිසකටත් කොවිඩ්

රඹුක්කන, පින්නවල පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ නිරෝධායනයට ලක් කර ඇති පිරිස අතරින් 19 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කළ බවයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ.

එම කර්මාන්ත ශාලාවේ නිරෝධායනයට ලක්කර සිටි පිරිස 248 දෙනෙකි.

මේ අතර කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 07 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගරසභාවේ වසංගත රෝගවේදී වෛද්‍යවරිය පවසයි.

ඔවුන් 07 දෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වශයෙන් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමුකර සිටි අය බව සඳහන්.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.