fbpx
Info Sri Lanka

කොළඹ කොරෝනා අවදානමත් ඉහළට

කොළඹ නගරය ආශ්‍රිත ස්ථාන කිහිපයකින් තවත් කොවිඩ් 19 ආසාදිතයන් කිහිප දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ නිසා කොළඹ නගරය තුළ කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබේ.

කොම්පඤ්ඤ වීදිය යුනියන් ප්ලේස් නිවාස සංකීර්ණයක වාසය කරන කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ. මේ වනවිට එම නිවාස සංකීර්ණයේ අදාල කාන්තාව වාසය කරන නිවාසය අයත් මහළ සම්පූර්ණයෙන් හුදෙකලා කර තිබෙනවා.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයාට අයත් සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයන් 30 ක් පමණ නිරෝධායනයට යොමුකර තිබේ.

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ 08 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ඇය වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි මේ වනවිට තහවුරු වී තිබෙන්නේ.

මෙම සිසුවියගේ පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වී තිබෙන අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කඩුවෙල පහළ බෝමිරිය ප්‍රදේශයේ කාන්තාවකටද වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාල කාන්තාව මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අතර එම ආයතනය හරහා ඇයට වෛරසය ආසාදනය වන්නට ඇති බවයි සෞඛ්‍ය අංශ සැක කරන්නේ.

එම කාන්තාව මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඇයගේ පවුලේ සාමාජිකයන් 08 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මීට පෙර කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු ස්ථාන කිහිපයකින් ආසාදිතයන් හමු වී තිබිණි.

Related posts

ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීම “මාතෘත්වයට නිගාවක්”

administrator

සියලුම අධිවේගී මාර්ග තනි සමාගමක් යටතට

administrator

පින්නවල සහ කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් සේවකයින් පිරිසකටත් කොවිඩ්

administrator

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.