සියලුම රුපවාහිනී නාලිකාවලට විදෙස් චිත්‍රපට හා ටෙලිනාට්‍ය පුර්ව අනුමැතියකින් තොරව
විකාශනය කිරීමට රජයේ බලධාරීන් ගෙන් අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ.
ටෙලිනාට්‍ය අධීක්ෂණය කරන ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලය සාමාජිකයින් රැස් නොකිරීමට අමාත්‍යංශය ගෙන ඇති තීරණය ඊට හේතුවී ඇතැයි ද පැවසේ.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පත්කල ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ අනුමැතියකින් තොරව හා කිසිඳු ගාස්තු ගෙවීමකින් තොරව ටෙලිනාට්‍ය විකාශය කිරීමට රුපවාහිනී නාලිකා වලට දැන් අවස්ථාව උදාවී ඇත.
ආනයනය කරන ටෙලි නාට්‍ය මෙරට විකාශය කිරීමට සුදුසුද නැද්ද යන්න තීන්දු කරනු ලබන්නේ ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලය විසිනි.
විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධීක්ෂණය කිරීමට විද්වත් සමීක්ෂණ මණ්ඩලයක් වත්මන් රජය විසින් පත්කල අතර, මෙම විද්වත් මණ්ඩලයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් හා ක්ෂේත්රයට සම්බන්ධ විද්වත් පිරිසක් ඇතුළත් විය.
ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයේ
පසුගිය දිනවල ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට පමණ තම තමන්ගේ නිවෙස්වල හිඳිමින් නිරෝධායනයේ නිරතවන ලෙස දැනුම් දීමක් කර තිබිණ.
එවැනි දැනුම් දීමක් සිදුකර ඇත්තේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියකු ඇතුළු සිව් දෙනකුට කෝව්ඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසාය.