යුද්ධ හමුදාවෙන් පවත්වාගෙන යනු ලබන කඹුරුපිටිය නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 288 දෙනෙකු සති දෙකක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටත්ව ගියහ. එම පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කළ වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ පළමු සම්බන්ධතා පැවැත්වූ අයවළුන් සහ වෛරසය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.