හෙට (03) දිනයේදී පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී, බැසිල් රාජපක්ෂ මහතා පාර්ල්මේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවටත් එදිනම ඒ මහතා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇති බවටත් පුවතක් සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යමින් පවතී.
කෙසේවෙතත් මේ පිළිබඳ අප කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතාට සමීප ආරංචිමාර්ග පැවසුවේ හෙට දිනයේදී එවන් දිවුරුම් දීමක් සිදු නොවන බවකි.
වැඩිදුර විමසීමේදී එම ආරංචිමාර්ග පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා අදාළ තනතුරට පත්වීමට නියමිත වුවත් එය සිදු කෙරෙනු ඇත්තේ හෙට දිනයේ නොවන බවයි.