ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සතියට දින දෙකක් වෙළඳසැල් විවෘතව තැබීමට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ගෙන තිබූ තීරණය වලංගු කිරීමට බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කොරෝනා පැතිරීම අවම කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (02) තීරණය කර තිබේ.
කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ගෙන තිබූ තීරණයට අනුව පසුගිය ඔක්තෝබර් 29 වනදා නිවේදනය කර සිටියේ සඳුදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 08.00 සිට පස්වරු 10.00 දක්වා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් විවෘතව තබන බවයි.
එහෙත් එමගින් ජනතාව ඒකාරාෂී වන බවත් ඉන් කොවිඩ්-19 පැතිරීමේ අවදානමක් ඇති බව කොරෝනා පැතිරීම අවම කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.
ඒ අනුව ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල යළි වෙළඳසැල් විවෘත වන්නේ නැත.
[Lanka Truth]