fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

දූෂිත ලක්දනවි සමාගමට ඩලස් යටවෙයි: නීතිපතිගේ නිර්දේශ කුණු කූඩයට

කෙරවලපිටිය නව ද්විත්ව බල විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් කෙරෙන යෝජනාවක් කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට විදුලි බල හා බලශක්ති ඇමති ඩලස් අලහප්පෙරුම කටයුතුකර ඇත.

ඉදිකර, අයිතිකරගෙන, පාවිච්චිකර, විදුලි බල මණ්ඩලයට පැවරීමේ පදනම (BOOT) මත ශිඝ්‍රගාමී බලාගාර ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ අභිප්‍රාය ප්‍රකාශයක් ‘ලක්දනවි’ සමාගම වෙත ඉදිරිපත් කිරීමට ඇමති විසින් කැබිනට් මණ්ඩලයේ අවසරය ඉල්ලා ඇත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ගණනය කිරීම් හා කොන්දේසි රාජ්‍ය ආයතනයක් ලෙස අවාසිදාය බවට නීතිපති දෙපාර්තමේන්තුව කළ නිර්දේශ නොසළකා හැර ඇත.

2017 මෙම විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ණය ලබාදීමට ඉදිරිපත් වූ මුල්‍යායතන විසින් කොන්දේසි අලුත් කර තිබෙන බව දක්වමින් ලක්දනවි සමාගම විසින් ඉදිරිපත් කර ඇති වෙනස්කම් සමග විදුලි බල මණ්ඩලය එකඟවී ඇත. කෙසේවෙතත් මෙම වසර මුලදී රනිල්-මෛත්‍රි ආණ්ඩුවේ ස්වභාවික වායු විදුලි බලාගාරයක් සඳහා ස්වාධීන චීන සමාගමක් හරහා ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘතිය අවලංගු කිරීමට ආණ්ඩුව තීරණය කළේය. ඉන්පසුව, ලක්දනවි සමාගම සමග විදුලිබලය මිලදී ගැනීමේ ගිවිසුමක සුදුසු කොන්දේසි හා තත්වයන් පිළිබඳ සොයාබැලීමට විද්වත් කමිටුවක්ද පත්කරන ලදී. එවැනි ගිවිසුමක නීතිමය තත්වය සළකා බැලීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවද මෙම ක්‍රියාදාමයට සම්බන්ධ කෙරුණේ එහි ප්‍රතිපලයක් ලෙසය.

මේ අතර විදුලි බල මණ්ඩලය විසින් අවශ්‍ය ව්‍යාපෘති ලේඛන පිළියෙළ කරන විට ණයදෙන ආයතන සිදුකළ ඉල්ලීම් අනුව බව පවසමින් ලක්දනවි සමාගම කළ ඉල්ලීම් අනුව, ව්‍යාපෘතියේ වෙනස්කම් සිදුකර ඇත. නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී නිරීක්ෂණ ලෙස දක්වා ඇත්තේ මිලගණන් කැඳවීම අවසන් වූ පසුව ව්‍යාපෘතියේ අවශ්‍ය වෙනස්කම් කිරීමේ අවස්ථා ගිවිසුම් කොන්දේසිවලින් ආවරණය නොවන බවය.

මේ නිසා ව්‍යාපෘතියේ වෙනස්කම් සිදුකිරීමේදී මිල ගණන් වෙනස් කිරීමට ඉඩ නොලැබෙන බැවින් අමතර වියදම් සහ අවදානම යන සියල්ල රජයේ වගකීමට අදාළවන තත්වයක් මතුවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අතර වේ.

කෙරවලපිටියෙ මෙගා වොට් 300 LNG විදුලි බලාගාරය සම්බන්දයෙන් page adminවරුන් ලක්ශ ගානක sponsored advertisements දමා ඔබට පෙන්වන දේ සහ ඔබට නොපෙන්වන දේ…….

පෙන්වන දේ

  • කෙරවලපිටියෙ බලාගාරයක් හදනව. මෙගා වොට් 300යි. ඒක LNG
  • මේ බලාගාරය හදන්න අවම ලංසුව දාල තියෙන්නෙ දේශීය රජයේ හවුල් ව්‍යාපාරයක්. ඒකෙ නම ලක්දනවි (ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් තියෙන සමාගමක්). එම ලංසුවේ අගය ඩොලර් මිලියන 175යි.
  • හැබැයි මේ බලාගාරය හදන්න කැබිනට් එකෙන් අවසර දෙන්නෙ චීන සමාගමට. චීන සමාගමේ ලංසුව ඩොලර් මිලියන 299යි. වෙනස ඩොලර් මිලියන 124යි. හම්මෝ මාර පාඩුව නේහ් !!

ඒ වගේම බලාගාරය හැදුවට පස්සෙ ලක්දනවි ආයතනයෙන් විදුලි ඒකකයක් CEB එකට අලෙවි කරන්නෙ රු 14.98ට. හැබැයි චීන සමාගට විදුලි ඒකකයක් අලෙවි කරන්නෙ රු 15.97ට. ඒ කියන්නෙ එක ඒකකයකින් රජයට සත 99ක් පාඩුයි. මේ ව්‍යාපෘතිය වසර 20කට ගිවිසුම් ඇතුව කරන්නෙ. එතකොට විදුලි ඒකක වලට චීන සමාගට වැඩිපුර ගෙවීම නිසාත්, ඩොලරය එන්න එන්න ඉහල යන නිසාත් වසර විස්සක් ඇතුලත ලංකාවට බිලියන 90ක් පාඩු වෙනව කියලයි කියන්නෙ.

බිලියන 90ක් පාඩු වෙනව කියල ඇහුනු ගමං බොක්ක කූල් උනා නේද? ශෙයාර් කරල දේශපාලකයගෙං හෙන ඉල්ලන්න හිතෙනව නේද? ආ එහෙනං sponsored ad අරං පෝස්ට් හද හද දාන fb admin ලගෙ ප්‍රයත්නය අති සාර්තකයි..

fb page ඇඩ්මින් උතුමානන්ලා ඔබට නොපෙන්වන දේ

මේක Public Private Partnership (PPP) project එකක්. හරියටම කියනවානම් PPP වල අනු අංගයක් වන BOOT project එකක්. ඒ කියන්නෙ Build, Own, Operate and Transfer. තවත් කියනවානම් මේ ව්‍යාපෘතිය බාර ගන්න කම්පැනිය තමංගේ කොම්පැනියෙ අරමුදල් වලින් ව්‍යාපෘතිය ගොඩ නගල (රජයේ මුදල් වැය වෙන්නෙ නෑ එතකොට), ව්‍යාපෘතිය අදාල ගිවිසුම් ගත වසර ප්‍රමානය ක්‍රියාත්මක කරල, ගිවිසුම අවසන් වුනු පසු රජයට පවරන්න ඕනෙ. මේ වගේ අතිශය සංකීර්න ව්‍යාපෘතියක් අවම ලංසුවටම දෙන්න ඕනෙ කියල නියමයක් නෑ. අවම මුදලට වඩා සලකා බලන කරුනු තියෙනව.

රජයක් විසින් PPP project එකකට අත ගැසීමේ මූලික පරමාර්තයන්

  1. රජයට සපුරාගත නොහැකි මුදල් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම
  2. රජයට දැරිය නොහැකි අවදානම් (මූල්‍ය අවදානම් හෙවත් ඇපවීම් – කල් ගත වන විට ව්‍යාපෘතීන්ගේ වියදම වල විවිද හේතූන් මත වැඩිවීම සාමාන්‍යයි) පෞද්ගලික අංශයට දැරීමට දීම
  3. තරඟකාරීත්වය තුලින් වියදම් කරන මුදලට සාපේක්ශ ඉහලම වටිනාකම ලබාගැනීම (value for money)

උක්ත කෙරවල පිටිය බලාගාරයේ රජයේ පාර්ශවයේ employer (පෞද්ගලික සමාගම එක්ක ගිවිසුම් ගතවෙන රජයේ ආයතනය) වෙන්නෙ CEB එක.

එම ව්‍යාපෘතියේ ටෙන්ඩර් බෝඩ් එකේ ඉන්නෙත් CEB මිනිස්සු.

එම ව්‍යාපෘතියට ඔය කියන අවම ලංසුව වන ඩොලර් මිලියන 175 තියන්නෙත් CEB එකට 63%ක හිමිකාරීත්වයක් තියෙන ලක්දනවි සමාගම.

මේ ලක්දනවි සමාගමේ ඉතුරු 37% අයිති එම සමාගමේ සේවකයින්ට (මේ බහුතරේ හිටපු CEB නිළදාරීන්). ඒ 37%නුත් 27%ක්ම අයිතිව තියෙන්නෙ කොම්පැනියෙ ඉහලම නිළඳාරීන් 3 දෙනෙකුට. ඉතුරු සේවකයින් සියල්ල අත තමා 10% හිමිකාරීත්වය බෙදෙන්නෙ.

ලක්දනවි සමාගමේ කූට ඉතිහාසය.

2006 දී කෙරවලපිටියෙම බටහිට බලාගාරය හදන්න අලුත් සමාගමක් හැදුව. මේ සමාගමේ හිමිකාරීත්වය

රජය : 50%
LECO : 18.2%
EPF : 27.1%
ලක්දනවි : 4.8%

නමුත්, ස්වාධීන පරීක්ශන ආයතනයක් වන verite research ආයතනය විසින් හොයාගත් ආකාරයට බටහිර විදුලි බලාගාරයේ ලාබාංශ බෙදී ගියපු ආකාරය,

ලක්දනවි : 39.75%
LECO : 20.4%
EPF : 20.4%

සියයට 5 කටත් අඩු හිමිකාරීත්වයක් දරන ආයනේක ලාබාංශ ප්‍රමානය මුලු ලාබාංශ ප්‍රමානයෙන් 39%ක් වෙනව. එතකොට පැහැදිලිවම මෙතන පෞද්ගලික අංශයේ සුලු පිරිසක් අතිශය ඉහල ලාබ ලබනව. හැබැයි රජයේ පාර්ශවේට ලාබාංශ අවමයි. ඒ වගේම බලාගාරයේ ණය වලින් 98%ක අවදානම (bond guarantee) දරන්නෙ රජය. ලක්දනවි ආයතනේ දරන්නෙ 2%ක් විතරයි.

ඒ වගේම මෙම ව්‍යාපෘතියෙන් අපේක්ශිත value for money කියන දේ ලැබී නැති බවටත් තර්ක කෙරෙනව. විදුලි ඒකක වල මිළ ගනන් නොසිතූ ලෙස වැඩි වී තියෙනව.

…….

ලක්දනවි ඉතිහාසය මෙහෙම වෙනකොට ආපහු කෙරවලපිටියේම බලාගාරෙට ලක්දනවි ලංසු තියෙනව. මේ පාර ලංසුව මිලියන 175යි. හැබැයි මෙම ව්‍යාපෘතියට ලංසු තැබූ අනිත් සියලුව සමාගම් 7ම ලංසු තියන්නෙ ඩොලර් මිලියන 300කට ආසන්න අගයකට්. එතකොට ලක්දනවි එකේ අගය විශ්වාස කල නොහැකි මට්ටමේ පහල අගයක්. හැබැයි ලක්දනවි එක මෙම බලාගාරය හදන්න ජර්මන් වල බැංකුවකින් ණයක් අයදුම් කරනව ඩොලර් මිලියන 330කට. 175කට යන වැඩේට 330 ක ණයක් ගන්න එකේ කොස්ස පැහැදිලී නේද? මොකද මෙම ව්‍යාපෘතිය අවම ලංසුව තියල දිනාගත්තට පස්සෙ ව්‍යාපෘතියෙ මිළ ඉහල යාම අනිවාර්‍ය දෙයක් බව ලක්දනවි දන්නව. ඒකයි මිලියන 300කට එහා ණයක් අරගෙන සූදානම් වෙන්නෙ. වංචාවෙන් ව්‍යාපෘතිය ගැනීම තමා එකම පරමාර්තය.

එහෙම ව්‍යාපෘතිය ගත්තත් කලින් වතාවේ බටහිර බලාගාරයේදි ලක්දනවි ආයතනය රජයට සිදුකල පාඩුව ඇස් පනාපිට පේන්න තියෙනව. එහෙම පාඩුවක් කරපු ආයතනේම ආපහු හොඳ මූණු පෙන්නගෙන ආවට මම කලින් සඳහන් කරපු PPP වල ප්‍රධන අර්මුණ ඉශ්ට කරගන්න රජයට නොහැකි වෙන එක අනිවාර්‍යයයක්.

  1. ලක්දනවි බහුතරය අයිති CEB. CEB අයිති රජයට. ඒ කියල්ලෙ මූල්‍ය දායකත්වය වැඩිපුර ආපහු රජයෙන්. (නමුත් ලාබාංශෙ වැඩි පංගුව ගන්නෙ ලක්දනවි සුලු කොටස් කරුවො)
  2. බටහිර බලාගාරයේත් විදේශ ණය මුදලකට ඇප වෙන්නෙ රජය. ඒ ඇප වීම 98%යි. මේ වතාවේත් ඒකම සිද්ද වේවි. ඒ කියන්නෙ මූල්‍ය අවදානම නැවතත් රජයටමයි. මිලියන 175 ක් කියල අරගෙන මිලියන 330ක් දක්වා ණයක් ගන්නව කියන්නෙ රජයේ අවදානම තව තව වැඩිවෙන එක.
  3. කලින් වතාවේත් ලක්දනවියෙං CEB යට අලෙවි කල ඒකක මිල ඉහල ගිහිං තියෙනව. මේ වතාවේත් ඒකක මිල ඉහල නොයා තියේවි කියල විශ්වාස කරන්න අමාරුයි. මොකද මිලියන 175 වැඩේ මිලියන 300+ කට අධික මුදලක් වැය කිරීමට බලාගෙන සිටින නිසා. මේ ඒකක මිළ ඉහල දාන්න අවශ්‍ය වෙන්නෙ cabinet decision එකක් විතරයි. එදාට චීනට දුන්නනම් බිලියන 90යි පාඩුව කියල කියන කටවල් වලටම ලක්දනවිට දීම නිසා පාඩුව බිලියන 100 පනී වගේ නිව්ස් දාන්නත් වෙයි….

මෙහෙම කල්පනා කරාම කෙරවලපිටිය බලාගාරය ලක්දනවි එකට දීමෙන් PPP ව්‍යාපෘතියක අරමුණු තනිකරම ෆේල් වෙනව. එම නිසා ශ්‍රී ලංකා රජයට අවදානම අවම චීන සමාගමට මේ ව්‍යාපෘතිය දීම උචිතයි..

දැං ඉතිං ඔයාල ගිය සතිය ඇතුලත දැකපු “….. ලංකාවට බිලියන 90ක් පාඩුවෙන LNG බලාගාරය චීනට පවරයි……” කියන නිව්ස් එක fb pages බරගානකට දාන්න sponsor කලේ කවුද කියල හොයන්න යන්න එපා. ඇඩ්මින්ලාද මනුශයෝය නෙ. හැමෝටම සල්ලි වල අවශ්‍යතා තියෙනවනෙ. සල්ලි දෙනවානම් මාකඳුරේ මදූශ්ගෙ සමාජ මෙහෙවර ගැන හරි පෝස්ට් දාල කීයක් හරි හම්බ කරගන්න එක ඉතිං ඇඩ්මින් ලාගෙ අරමුණ. අපි කවුද අනේ ඕව ජජ් කරන්න…. !

[පන්ඩුල නයන බණ්ඩාර]

වැඩිදුර කියවීම් :

LTL ප්‍රධානීයෙක් මාධ්‍යවේදියෙක්ට තර්ජන කරන්න ගිහින් ඇන ගනියි [Video]

මාධ්‍යට කොළේ වහන්න ගිය LTL නඩය: හත්පොළේ ගාගෙන නවතියි. [Exclusive]

The electricity mafia strikes again!

Kerawalapitiya LNG plant tender exposes deterioration in the political system

More bidders cry foul over tender process for second Kerawalapitiya LNG power plant

Controversy looms over Kerawalapitiya LNG plant tender awarding

Kerawalapitiya LNG plant tender : Lowest bidder may not necessarily be the right choice

A DARK TALE OF PRIVATE MONEY IN ELECTRICITY

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator