fbpx

PHI රැසකටත් කොරෝනා: විශ්‍රාම ගිය අයටත් එන්න කියයි

COVID-19HealthHotLocal

මේ වනවිට කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසකට කොරෝනා රෝගය වැළදී තිබීම හේතුවෙන් විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යළි සේවයට කැදවීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

කොළඹ ශීඝ්‍රයෙන් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමත් සමග මේ වනවිට පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිගයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සැලකිය යුතු පිරිසකට මේ වනවිට කොරෝනා රෝගය වැළදී තිබීම හේතුවෙන් ඔවුන් නිරෝධායනය සදහා යොමු කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට විශ්‍රාම ගොස් සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යළි සේවයට කැදවීම සම්බන්ධයෙන් බලධාරීන් සලකා බලමින් සිටින බවද දැනගන්නට තිබේ.

Leave a Reply