Info Sri Lanka | www.infosrilanka.lk

සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් විශ්‍රාමගත් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හැර කොමිෂන් සභා ගණනාවක සභාපති ධුර සඳහා සුදුස්සන් ගණනාවක් රජය විසින් තෝරාගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැඳි, රාජ්‍ය මුදල් කොමිසමේ සභාපති ධුරයට හිටපු කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට නීතිඥ නිමල් පුංචිහේවා, මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ආණ්ඩුකාරවරයකු වන ආචාර්ය ජගත් බාලසූරිය යන මහත්වරුන් පත්කෙරෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙම පත්වීම් අද හෙටම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

Related news

වයස 16ක සිසුවෙකු වසර 4ක් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරිය

administrator

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් සොයා ගැනේ

administrator

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කියන්න; කාදිනල් හිමි හෙට වතිකානයට

administrator

ලොහාන්ගේ අමාත්‍යංශය යළිත් පිහිටුවයි: ඇමතිකම පෙන්ඩින්!

administrator

උපාධිය දවසේ ගත්ත පින්තූරයෙන් ජනප්‍රිය වුණු චාමිකා (photos)

administrator

ජනාධිපතිටත් වඩා පඩි ගන්න නර්ස්ලා: නර්ස් හාමුදුරුවෝ හෙළිකරයි

administrator