පොලිස්පතිගේ නියෝග නොතකා හරිමින් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉකුත් 10 වැනිදා කොවිඩ් – 19 වසංගතය වළක්වා ගැනීම සම්බන්ධ තොරතුරු මාධ්‍ය වෙත ලබාදී තිබේ.
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් නොවැම්බර් 03 වැනි දින සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, කොට්ඨාස භාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අමතා මාධ්‍ය වෙත තොරතුරු මුදාහැරීම යන මැයෙන් යුතුව ලිපියක් යවා ඇත.
පොලිස් රාජකාරිවලට සම්බන්ධ කරුණු මාධ්‍ය වෙත විවිධාකාරයෙන් ලබාදීමෙන් සහ එකිනෙකට පරස්පර ලෙස මාධ්‍ය වාර්තා පළවීමෙන් පොලිස් සේවයේ ප්‍රතිරූපය මෙන්ම රටේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලු රාශියක් පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය ආයතන විසින්ද දැනුම් දී ඇත. සමහර මාධ්‍යවේදීන් සඳහන් කරන්නේ වැරදි තොරතුරු පොලිසියේ විවිධ නිලධාරීන් විසින් ලබාදීම නිසා විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ වෙබ් අඩවිවල පළවෙන පුවත් එකිනෙකට පරස්පරවීම තුළින් නිවැරදි ප්රවෘත්ති පළකිරීමේ නොහැකියාවක් ඇති බවයි. යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.
“එබැවින් ජාතික ආරක්ෂාවට අදාළ කරුණු විමර්ශනය හෝ මාධ්‍ය විසින් එදිනෙදා පොලිස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමසනු ලබන සියලුම කරුණුවලට අදාළ තොරුතුරු ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම සිදුකළ යුත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මගින් පමණි.” යනුවෙන් එම ලිපියෙන් අවධාරණය කර ඇත.
මෙම නියෝගයට පටහැනිව ක්‍රියාකරන සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද එම ලිපියේ තවදුරටත් සහන් කර ඇත.
එසේ තිබියදී පානදුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍යවේදීන් පිරිසක් කළ ප්‍රශ්න කිරීමකදී කොවිඩ් – 19 පාලනය සම්බන්ධයෙන් අදහස් දක්වනු ලදුව එය මාධ්‍යයේ පළවී ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට කළ උත්සාහය අසාර්ථක විය.
[රාවය – නිමල් අබේසිංහ]