ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී වර්ෂයක් සම්පූර්ණ වන අතර ගෙවී ගිය වසර තුළ සිදු කළ ක්‍රියාකාරකම් පිලිබඳව බීබීසී සංදේශය කරන ලද විමසීමකට ජනාධිපති කාර්යාලය ලිඛිතව ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව ගෙවී යන වසර තුළදී ප්‍රධාන කාර්යයන් 24ක් සිදු කළ බවද ඒ තුළ අතුරු කාර්යයන් 08ක් සිදු කරන ලද බවද දක්වා ඇත. ජනාධිපති කාර්යාලය ලබාදී ඇති පිළිතුරු අතර ගෙවී යන වසර තුළදී වතු කම්කරුවෙකුගේ අවම දෛනික වැටුප මාර්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1000ක් කර ඇති බව දක්වා ඇත. නමුත් ඊයේ (17) ඉදිරිපත් කළ අයවැය කතාවෙන් සඳහන් කරන ලද්දේ මෙම මුදල ලබන ජනවාරි මාසයේ සිට දෛනිකව වතු කම්කරුවන්ට ලබා දෙන බවය.
ඊට අමතරව තවත් අසත්‍ය ප්‍රකාශ ගණනාවක් ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබේ. ග්‍රාමසේවා වසම් 14,000ක දූගී පවුල් 14,000ක් සඳහා නිවාස ඉදිකරදීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව දක්වා තිබුණද බොහෝ ග්‍රාමසේවා වසම්වල මෙය ක්‍රියාත්මක වන්නේ නැත. එසේම දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම, අඩු ආදායම් ලාභී ජනතාවට ආහාර මිලදී ගැනීම සඳහා විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පත් නිකුත්කිරීම, දිළිඳු පවුල් සඳහා නිවාස හා ව්‍යාපාර ඇරඹීමට තිස් අවුරුදු බදු පදනම යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම සහ සතොස, සමූපකාර, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂ අංශ යොදාගෙන ගොවි අස්වැන්න සෘජුව පාරිභෝගිකයා වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු ගණනාවක් දක්වා තිබේ.
මේ අතර ගෙවී ගිය කාලය තුළදී සිදු කරන ලද ඇතැම් යෝජනා ගණනාවක්ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත. ජනාධිපතිවරයාගේ සියලුම වාචික නියෝග චක්‍රලේක සේ සලකා කටයුතු කිරීමට උපදෙස් ලබාදීමද ගෙවී ගිය වසර තුළ සිදුකරණ ලද ක්‍රියාකාරකමක් වශයෙන් දක්වා ඇත.