fbpx
Info Sri Lanka

ශ්‍රී ලංකන් සිය ගණනක් සේවකයන් දොට්ට දමන්න හදයි

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම සිය සේවකයින්ට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට යෝජනා කර ඇත.

ඒ යටතේ දළ වශයෙන් සේවකයින් 560 දෙනෙක් පමණ විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1.46ක් වැය වෙතැයිද ඇස්තමේන්තු කර තිබේ.

මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබූ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවද අමාත්‍යවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Related posts

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවන්ගේ සිය දිවි නසා ගැනීම් ඉහළට

administrator

මහින්දානන්ද රංජන්ගේ නඩු දෙකක් ඉවතට ගන්න යයි

administrator

ඉන්දියාව වෙනුවෙන් කොළඹ වරාය ගැන ජනපති බොරු කියයි?

administrator

ඩොලරය හමුවේ රුපියල යළිත් පසුබසී: විකුණුම් මිල රු. 196 ඉක්මවයි

administrator

සජබ මන්ත්‍රී පුත්‍රයා පුද්ගලයෙකුට පහරදී අත්අඩංගුවට

administrator

කාලි පැණිය පානය කළ තවත් දේශපාලකයෙක්ට කොරෝනා

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.