- පුද්ගලික ඉතිරිකිරීම් දිරිගැන්වීම සඳහා වෛද්‍ය රක්ෂණය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, නිවාස ණය, ලැයිස්තුගත සමාගම් කොටස්වල මසකට රුපියල් ලක්ෂය දක්වා කරනු ලබන පෞද්ගලික ආයෝජන ආදායම් බදු ගණනයේ දී අඩු කළ හැකි ගෙවීමේ ලෙස සැලකීම.
- සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියාමනය යටතේ දේපළ ආයෝජන භාරය මගින් නිත්‍ය නිවාස වෙළෙඳපොළ නියෝජනය දිරිගැන්වීම සඳහා එම ආයතනවල ප්‍රාග්ධන ලාභ හා ලාභාංශ ආදායම් බදුවලින් නිදහස් කිරඑීමට සහ මුද්දර බද්ද 0.75% දක්වා අඩුකිරීමට.
- දේශීය සමාගම් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම දිරිගැන්වීම සඳහා 2021.12.31 දිනය පෙර ලැයිස්තුගත කරන සමාගම්වලට 50%ක ආදායම් බදු සහනයක් ලබා දීම හා ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ද 14% ක් ලෙස පවත්වා ගැනීම.
- විදේශීය සමාගම්වල ලාභාංශ, මුදල් හා කොටස් වෙලෙඳපොළේ ආයෝජනය කිරීම හෝ ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කරන්නේ නම් ඔවුන්ගේ ලාභාංශවලට අදාළ බද්ද සඳහා වසර 3ක බදු විරාමයක් ලබා දීම.