බස්නාහිර පළාතේ විශාල කුණු කඳු විසි එකක් නිර්මාණයට හේතු වූ භාවිතයට ගත නොහැකි අපිරිසුදු පොලිතින් තාර බවට පරිවර්තනය කරමින් ඉදිරි වසර කිහිපය තුළදී මහා මාර්ගයට යෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත.
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා සදහන් කළේ
ඒ.ජී.සී. ඉනෝවෙට් පෞද්ගලික ආයතනය හා එක්ව ආරම්භ කර ඇති අපිරිසුදු පොලිතින් මහා මාර්ගයට තාර ලෙස යෙදීමේ ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමිනි.
වැඩි ජනගහනයක් ඇති කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශය සහිත බස්නාහිර පළාතේ කුණු කඳු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේදී කොටසක් දිරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පරිවර්තනය කරන බවත් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කර ඇති බවත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.
මෙම අපිරිසුදු පොලිතින් මේ වන විටත් අත්හදාබැලීමේ ක්‍රියාවලියක් ලෙස රත්මලාන බොරුපන මාර්ගයේ මීටර් 300කට පමණ දුරකට යොදා ඇති බව මාන්නප්පෙරුම මහතා පැවැසීය.
මෙම තාක්ෂණය බෙල්ජියම, නෙදර්ලන්තය, එංගලන්තය වැනි රටවල භාවිතයට ගැනෙන බව ඔහු පැවැසීය.