සේනා දළඹුවා මඩින්න රුවන්ඩාවෙන් හමුදා බ්‍රිගේඩියර්වරයකු ඇතුළු හයක් ගෙන්වයි.
බඩඉරිඟු ඇතුළු වගාවන්ට හානි කරන සේනා දළඹුවා පිළිබඳව සොයා බැලීමට රුවන්ඩා හමුදා බ්‍රිගේඩියර් ජනරාල්වරයකු ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක් ලංකාවට පැමිණ තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුවය. දෙසැම්බර් 26 වනදා අනුරාධපුරයේ සිටින අතරතුර සේනා දළඹුවාගෙන් හානියට පත් බඩ ඉරිඟු වගාවක් බැලීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.
එම නිරීක්ෂණයෙන් පසු රුවන්ඩා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව බ්‍රිගේඩියර් ජනරාල් ෆ්‍රෙඩ් මුසිරගුහාරාරා ඇතුළු කණ්ඩායම ලංකාවට එවා ඇතැයි අද (02) දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.