fbpx

සජිත් කියන්නේ බොරු: SLT Mobitel පිළිතුරු දෙයි

BusinessHot

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය සන්නාමය වෙනස් කිරීම සඳහා රු.බිලියන 2ක මුදලක් වැය කළ බවට පසුගිය 05 වැනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එය කිසිදු පදනමක් නොමැති චෝදනාවක් බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම මුදල් විදෙස් රටවල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම සඳහා යෙදවීමට තිබූ බවට එහිදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සඳහන් කරන්නේ එලෙස සමාගමේ මුදල් යෙදවීම ආයතනික පරිපාලන මූලධර්ම,මූල්‍ය ක්‍රමවේද සහ පාර්ශවකරුවන්ගේ අභිලාශය උල්ලංඝනය වීමක් වන බවයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් එකම සන්නාමයක් යටතට පත් කිරීම සඳහා ඉතා අවම මුදලක් වැය වූ බවයි එම සමාගම අවධාරණය කරන්නේ.

එමෙන්ම 2020ට පෙර වසර පහක කාලය තුළ සමාගම තුළ සිදුව තිබූ නාස්තිය විශ්ලේෂණය කර නාස්තිය අවම කරගනිමින් අක්‍රීය වත්කම්වලින් ලාභ උත්පාදනය කිරීම සඳහා අර්ථවත් ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මෙම පසුබිම තුළ විපක්ෂ නායකතුමාගේ වගකීම් විරහිත ප්‍රකාශය තරයේ හෙළා දකින බවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රකාශ කරයි.

Leave a Reply