fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

සජබ මන්ත්‍රී පුත්‍රයා පුද්ගලයෙකුට පහරදී අත්අඩංගුවට

රිය අනතුරක් සම්බන්ධයෙන් සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සමගි ජන බලවේගය පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම නගරය හරහා හයිලෙවල් මාර්ගයේ යමින් සිටි මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ තවත් මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට සැකකරු පහරදී තර්ජනය කර ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ගමන්ගත් මෝටර් රථයට සුළු හානි සිදුව ඇති බවත් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator