fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවන්ගේ සිය දිවි නසා ගැනීම් ඉහළට

ලංකාවේ ණය බර හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව 2020 වසරේ සිය දිවි හානි කර ගැනීම් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ. විශේෂයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් සැපයෙන ණය ගෙවා ගත නොහැකිව උතුරුමැද, උතුර හා නැඟෙනහිර පළාත්වල කාන්තාවන් මෙම තත්ත්වයන්ට ගොදුරු වී ඇති බව හෙළි වේ.

ඒ අනුව 2020 වසරේ මුල් මාස හය තුළ පමණක් සෘජුව ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ගෙවා ගත් ණය ගෙවාගත නොහැකිව කාන්තාවෝ 109 දෙනෙක් සිය දිවි හානිකර ගෙන ඇත.

ලංකාව පුරා ක්‍රියාත්මකව පවතින මෙම මූල්‍ය ආයතන කොරෝනා වසංගතයත් සමඟ රට වසා දැමුණු කාලසීමාවේ ගෙවිය යුතු ණය සඳහා වැල් පොලියක් එකතු කිරීම මෙම ණයකරුවන් මත පීඩනය වැඩි කිරීමට හේතු වී ඇත.

ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ අරමුණෙන් පෙනී සිටින මෙම ආයතන ලංකාව පුරා 10,000කට වැඩි ප්‍රමාණයක් විවිධ ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය හා මූල්‍ය බලපත්‍ර ලබාගෙන ඇත්තේ, ඉන් ආයතන 10කටත් අඩු සංඛ්‍යාවක් බව හෙළි වී ඇත.

දැරිය නොහැකි පොලී අනුපාත, ණය එකතු කරන්නන්ගේ ලිංගික හිංසනයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයක් නොමැති වීම වැනි කරුණු අදාළ සිය දිවි හානි කර ගැනීම් ඉහළ යාමට හේතු වී තිබේ

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator