fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ගෝඨා ගේ නිහැඬියාව සැක සහිතයි: 2024 ජනාධිපතිවරණයට බැසිල්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ‘දේශපාලන බලය’ අත්පත් කරදීමට අමාත්‍ය විමල් විරවංශ ප්‍රමුඛ ආණ්ඩුවේ ජාතිකවාදී බලවේග දරන උත්සාහය මේවනවිට කරලියට පැමිණ ඇත්තේ විමල් -බැසිල් ද්වන්ධ සටහනක් ලෙසිනි.

ජනාධිපතිවරයාට ‘පොහොට්ටු’ පක්ෂයේ දේශපාලන නායකත්වය ලබාදිය යුතු බවට අමාත්‍ය විමල් විරවංශ විසින් ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට කර තිබු ප්‍රකාශයෙන් පසු ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබු බැසිල්ට පක්ෂ -විපක්ෂ සිතල යුද්ධය මතුපිටට දේශපාලන තලයට පැමිණ තිබේ.

ජාතිකවාදීන් විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය අවධාරණය කරමින් සිටින්නේ, විමල් අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව නොව, ආණ්ඩුවේ දේශපාලන බලය අත්පත්කර ගෙන සිටින බැසිල් රාජපක්ෂට එරෙහිව බවයි.

2015 පරාජයෙන් පසු ‘මහින්ද සුළඟ’ හරහා යළි දේශපාලනයේ ඉහලටම ඔසවා තැබූ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්කිරීමට කිසිඳු උවමනාවක් හෝ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත්, තම දේශපාලනයේ ‘මුදුන් මල්කඩ’ මහින්ද මැතිතුමා බවත් ජාතිවාදීන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ අවධාරණය කරමින් තිබේ.

එවැනි මානසික මෙහෙයුමක් හරහා ඊයේ පස්වරුව වනවිට අගමැති මහින්ද රාජපක්ෂ කිසියම් මට්ටමකින් ‘බැලන්ස්’ කර ගැනීමට ජාතිකවාදීන් සමත්ව ඇති බවක් පෙනේ.

ගැටුමට මුල ?

කොරෝනා වසංගත තත්ත්වය හැරුන කොට ජනාධිපති ගෝඨාභයගේ වසරක පාලන කාලය තුළ කිසියම් අසාර්ථකත්වයක් ඇතිවීමට බලපෑ මුලික කාරණය ජනාධිපතිවරයාට ආණ්ඩුවේ දේශපාලන බලය හිමි නොවීම බව විමල් විරවංශ ප්‍රමුඛ ‘ජාතිකවාදීන්ගේ’ අදහස වී තිබේ.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් අතර පැහැදිලි දුරස්භාවයක් මතුව තිබීම නිසා ‘ස ෆේල්’ යන ජනමතයක් සමාජය තුල ගොඩනැගීමට විපක්ෂයට යම්කිසි හැකියාවක් ලැබුන බවද ඔවුන්ගේ අදහස වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පක්ෂ දේශපාලන කටයුතු බැසිල් රාජපක්ෂ වෙත පවරා, රාජ්‍ය පරිපාලන කටයුතු තමන් යටතේ තබාගනිමින් පසුගිය වසර පුරා කටයුතු කළේය.

බැසිල් රාජපක්ෂ විසින් අත්පත්කර ගෙන තිබෙන දේශපාලන බලය ජනාධිපතිවරයා වෙත හුවමාරු වියයුතු බව ජාතිකවාදීන්ගේ අභ්‍යන්තර සාකච්ජා වලදී අවධාරණයට ලක්ව තිබු අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව ද වරින් වර දැනුවත් කර තිබී ඇත.

2024 ජනාධිපතිවරණයට බැසිල් ද ?

විමල් ප්‍රමුඛ ජාතිකවාදීන් විසින් මෙසේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දේශපාලන බලය අත්පත්කරදීමේ මෙහෙයුමක් ආරම්භකර තිබියදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ බැසිල්වාදීන් පවසන්නේ, ආණ්ඩුව අපහසුතාවයට පත්කරන විමල් විරවංශ වහාම කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හරිය යුතු බවයි.

විමල් විරවංශ විසින් ආණ්ඩුව තුළ කුමන්ත්‍රණය කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙරේදා (08) අගමැති මහින්ද රාජපක්ෂ හමුවී පෙන්වා දී තිබිණ.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් නොවන්නේ නම් බැසිල් රාජපක්ෂ ඉදිරිපත්කල යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු බැසිල් වාදීන්ගේ අදහස වී ඇත. එවැනි තත්වයක් තුල විමල් විරවංශ ඇතුළු ‘ජාතිකවාදීන්ගෙන්’ බාධාවක් එල්ල වෙතැයි ඔවුන් මේවනවිටත් උපකල්පනය කර ඇති බව වාර්තාවේ.

Related news

ලංකාව කොරෝනා දැඩි අවධානමක!

administrator

වතුරේ සෙක්ස් කරන්න ආසයිද ? එහෙම​නන්, මේ ටිප්ස් ටික හිතට ගන්න එක වැදගත්

newsediror

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනේ

newsediror

ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව පිළිගත්තේ නැහැ, අපි ඉන්නෙ බරපතල අවදානමක

newsediror

කතා කරන්න ඕන තැන් වලදිත් කතා කරන්න බය වුනොත් හරියයිද ?

newsediror

නව කොවිඩ් ප්‍රභේදය වාතයෙනුත් පැතිරෙයි: සංචරණ සීමා අත්‍යාවශ්‍යයි

administrator