fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

බැසිල්-මංගල හමුවක්: විමල් විපක්‍ෂයට ගන්න රාජිත සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් සිදුවී තිබේ. මෙම හමුව සිදුවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ය.

එම හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී මංගල සමරවීර මහතා හමුවී ඇත. එහිදී ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක කෙටි වේලාවක් නිතරව ඇති අතර එහිදී සාකච්ඡා වූ කාරණා මොනවාදැයි වාර්තා නොවෙයි.

විමල් විපක්‍ෂයට ගන්න සාකච්චාවට රාජිත සූදානම්

මේ අතර ඇමැති විමල් වීරවංශ මහතා සමඟ සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සූදානමකින් සිටින බව මාධ්‍ය වාර්තා පල වෙයි.

ඒ අතර අන්තර්ජාල නාලිකාවක් සමග සඳහන් සාකච්ඡාවක් කරමින් රාජික සේනාරත්න මහතා සඳහන් කරන්නේ මේ වන විට වී මෙරට දේශපාලනයේ සිටින ජනප්‍රියම තරුව විමල් වීරවංශ මහතා බවයි.

ඒ නිසා ඔහු සමග සාකච්ඡා කළ යුතු දේශපාලන භාෂාවක් ද ඇතැයි ඔහු සඳහන් කරයි.

එන්නැයි කියූ පලියට ඔහු විපක්ෂයට නොඑනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටී.

විමල් වීරවංශ මහතාට ආරාධනා කරනවා නම් කළ යුත්තේ ඉහළ මට්ටමකින් බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator