මේවන විට වසර හතරක සිර දඬුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහු බන්ධනාගාරයේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා තිබෙන බව වාර්තා වනවා.
ඔහු එම කටයුතු නිසි අයුරින් සිදුකරන බවත් එහිදී වැසිකිළි සේදීම වැනි දෑ ද පැකිලීමකින් තොරව සිදුකරන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ඔහු විශේෂ සිරකරුවෙක් වන බැවින් බන්ධනාගාරයෙන් පිටත සේවාවන් සඳහා යොදා නොගන්නා බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.