පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් ගොවිබිම්වලටම පැමිණ රුපියල් 60 ක මිලකට වී මිලදී ගන්නා බැවින් ඊට වඩා අඩු මිලට ආණ්ඩුවට වී අලෙවි කිරීමට තමන් සූදානම් නොමැති බව වී ගොවීන් පවසනවා. හෙක්ටයාරයකින් වී කිලෝ 1000 බැගින් ආණ්ඩුවට ලබා දී අත පිසදාගෙන ගෙදර යෑමට තමන් සූදානම් නොමැති බවයි ඔවුන් පවසන්නේ.
පොහොර සහනාධාරය ලබා නොදෙන බවට ආණ්ඩුව ගොවීන්ට තර්ජනය කරමින් සිටින බවත්, පොහොර සහනාධාරය ප්‍රතික්ෂේප කර හෝ වැඩි මිලට වී අලෙවි කිරීමට තමන් සූදානම් බවත් ගොවීන් පෙන්වා දෙනවා.
වී අස්වැන්න සඳහා ප්‍රමාණවත් මිලක් ලැබෙන්නේ නම් පොාහොර සහනාධාරය අනවශ්‍ය බවත් වෙළඳපොලේ මිලට පොහොර මිලදී ගැනීමට සූදානම් බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මැතිවරණයේදී ඉල්ලා සිටි පරිදි ඡන්දය ලබාදුන් නමුත් මෙතරම් වදයක් ලබා දේවි යැයි විශ්වාස නොකළ බවද ගොවීන් පෙන්වා දෙනවා.