fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

‘ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් නෑ: රට අස්ථාවරයි’ – විශ්ලේෂකයන්

ශ්‍රී ලංකාව මේ වනවිට අස්ථාවර රාජ්‍යයක් බවට පත්ව ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ 2020 වසරේ මුල් මාස 10 මහ බැංකු වාර්තා අධ්‍යනය කිරීමෙන්ය. එම විශ්ලේෂණය අනුව 2020 මුල් මාස 10 තුළ පමණක් ආණ්ඩුව ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අවස්ථා 73ක් වාර්තා වන බවත් මේ මොහොත වනවිට එය 100ය ඉක්මවා ඇති බවත් ඔවූහු පවසති.

රටක් ස්ථාවර යැයි තීරණය කරනු ලබන්නේ ආදාළ රාජ්‍යයේ ස්ථාවර ප්‍රතිපත්ති මත මිස ආණ්ඩුවේ බහුතර බලය මත නොවන බවද ඔවූහු කියති. මේ වනවිට බලය හොබවනු ලබන ආණ්ඩුව විධායක බලය මෙන්ම, පාර්ලිමේන්තුවේ 2/3කට ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගත් ආණ්ඩුවක් වුවත් රාජ්‍ය ප්‍රතිපත්තිවලදී දැඩි අස්ථාවර බවක් පෙන්වීම යන්න මෙහිදී ඉස්මතුකර ඇත. ආණ්ඩුව නැවත නැවත ප්‍රතිපත්ති වෙනස් කිරීම බරපතළ තත්වයක් බවත් පසුගිය කාලයේ ආණ්ඩුව පෙරවරුවේ ගනු ලබන තීන්දු පස්වරුවේ වෙනස් කරන තත්වයකට පත්වූ බවත් එය රටේ අස්ථාවර බව පෙන්නුම් කරනු ලබන කැටපතක් බවත් තව දුරටත් එම විශ්ලේෂකයෝ පවසති.

[එස්.කේ ගමගේ]

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator