fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ගොවීන් ලක්ෂ 20කට ගිනි අවි දෙන්න යයි: ආරක්ෂාවට තර්ජනයක්?

අක්කරයට වැඩි ඉඩම් හිමි ගොවීන්ට ගිනි අවි ලබා දීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් කරන ලද යෝජනාව ඉතාමත් අදූරදර්ශි යෝජනාවක් බව පරිසර සංහාරයට එරෙහි සංරක්ෂණ සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පරිසර සහ සත්ව අයිතීන් සඳහා වූ සංවිධාන 15ක් එක්ව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අක්කරයට වැඩි ඉඩම් සහිත ගොවීන් මිලියන 02කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් මෙම තීරණය ක්‍රියාත්මක කළහොත් මිලියන 02ට වැඩි තුවක්කු ප්‍රමාණයක් රට පුරා බෙදාහැරෙන බවත් එය සත්ව ජීවිත වලට පමණක් නොව මනුෂ්‍ය ජීවිත වලටද අතිශය තර්ජනයක් බව එම සංවිධාන පෙන්වා දෙයි. එම තීරණය මගින් අනාගතයේදී රටේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු නොකරන බව මහින්දානන්ද ඇමතිවරයාට හෝ රජයට සහතික විය හැකිදැයි එම සංවිධාන ප්‍රශ්න කරන අතර ශ්‍රී ලංකාවේ ගොවිබිම්වලට තර්ජනයක් වන බහුතරයක් අලින්, ඌරන්, වඳුරන්, රිලවුන් හා මොනරුන් ඇතුළු සතුන්ට වෙඩි තබා ඝාතනය කිරීම පරිසර ඝාතනයක් ලෙස අමුතුවෙන් කිව යුතු නැති බවද එම සංවිධාන පවසයි. මෙලෙස ලබා දෙන ගිනි අවි මසට ගත හැකි සියලු සතුන් ඝාතනයට මුල පුරනු ඇතැයි ද එම සංවිධාන කියයි.

ලෝකයේ ජීවත් වු ජීවීන්ගෙන් මේ වන විට 70% කට වැඩි ප්‍රමාණයක් මිනිසා විසින් මරා දමා තිබියදීත් ශ්‍රී ලංකාවේ වසරකට අලි 400 කට වැඩි ප්‍රමාණයක් සහ අනෙකුත් සතුන් දස දහස් ගණනක් මරා දමන අවස්ථාවක රජයේ අනුග්‍රහය සහිතව ගොවීන් හරහා මෙලෙස සතුන් සමුල ඝාතනය කිරීම පරිසර සංවිධාන ලෙස තරයේ හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් වෙයි.

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator