ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු කොවිඩ් 19 වැක්සීනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අදාල කොවිඩ් වැක්සීන එන්නත ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලැබෙන්නේ කවදාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ඔවුන් දෙදෙනාම දැනටමත් එන්නත ලබාගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාට සහ අගමැතිට එන්නත ලබා දුන්නේ කවදාදැයි ඔහු නිශ්චිතව සඳහන් කළේ නැහැ.
කප්රුක මුදලාලිටත් ගහලා
මේ අතර ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැක්සීනය ප්‍රසිද්ධ අන්තර්ජාල භාණ්ඩ ව්‍යාපාරයක් වන ‘කප්රුක’ ආයතනයේ හිමිකරුද ලබාගෙන තිබෙනවා.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තමන් කොවිඩ් වැක්සීනය ලබාගත් බවයි.
රජයේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අදාල එන්නත ලබාදීමේ පිළිවෙල පිළිබදව මේ වන විට ගැටළු රාශියක් උද්ගතව ඇති බව වාර්තා වනවා.
ආරම්භක අවධියේ එය නිසි ක්‍රමවේදයක් අනුව සිදුවුවද මේ වන විට කිසිදු ප්‍රමුඛතා ලැයිස්තුවකින් තොරව හිතුමනාපයට ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට ජනතාව චෝදනා කරනවා.
තවමත් පාසල් ගුරුවරුන්ට හෝ පාසල් දරුවන්ට ලබානොදුන්නද ඇතැම් ව්‍යාපාරිකයන්, පූජ්‍ය පක්ෂය, ක්‍රීඩකයන්, දේශපාලඥයින් වැනි පුද්ගලයන් හට වැක්සීනය ලබාදී තිබීම නොමිලයේ ලැබෙන වැක්සීන ක්‍රියාවලිය අයාලේ යැවීමක් බවට වෘත්තීය සමිති නායකයන් පෙන්වා දෙනවා.
‘කප්රුක’ ව්‍යාපාරයේ හිමිකරු පිළිබදව පළමු කොරෝනා රැල්ල අවස්ථාවේදීද දැඩි කතාබහකට ලක්වුණා.
ඒ පාලන මිලක් පැවති සමයේ තම අන්තර්ජාල ව්‍යාපාරය හරහා වැඩිමිලට භාණ්ඩ අලෙවි කරතිබීමේ සිදුවීමක් සම්බන්දයෙන්.
[News19 | ටෂ්මා සිතුමිණි]