fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

2024දී රනිල්ගේ ආණ්ඩුවක්?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ 2024 දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව එ.ජා.ප. සභාපති, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

2024 ආණ්ඩු බලය ලබාගැනීම සඳහා මේ වනවිට විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්මින් සිටින බව හෙතෙම අනාවරණය කළේය.

බලපිටිය සහ අම්බලන්ගොඩ එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම් සඳහා පසුගියදා සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ඔහු ආණ්ඩුව ලබාගැනීම සඳහා වන සැළසුම් සම්පූර්ණයෙන්ම අනාවරණය කළ නොහැකි බවත් එය නුදුරේදී දැනගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල කෙරෙහි දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින ආණ්ඩුවේ ඇමතිවරු 2024 දී නව ආණ්ඩුව පිහිටුවීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන බවත් හිටපු අමාත්‍යවරයා අනාවරණය කර සිටියේය.

මෙම වැඩපිළිවෙලට ශක්තියක් වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නොපමාව පාර්ලිමේන්තුවට එවන ලෙස එම ඇමතිවරුන්ගෙන් සහ විපක්ෂයේ ප්‍රභලයින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබෙන බව හෙතෙම පැවසීය.

2024 රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුව ගොඩනැඟීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,000ම ආවරණය වන පරිදි නව දැක්මක් සහ නව දර්ශනයක් සහිත පුළුල් වැඩපිළිවෙලක් නුදුරේදීම ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබෙන බවද වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator