Info Sri Lanka | www.infosrilanka.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය උණුසුම්: බත්තරමුල්ලේ සීලරත්න හිමිත් තරඟයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමයෝජනා භාර දෙනු ලැබුවා.

උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ නාමයෝජනා භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්නහිමියන් විසින්ද තහවුරු කරනු ලැබුවා.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන් වනවා.

ඒ අනුව නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3 .30න් අවසන් වනු ඇති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පෙරවරු 10.30ට කී‍්‍රඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වසර දෙකක කාලයක් සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නව නිලධාරීන් පත්කර ගැනීම එහිදී සිදු වනවා. කි‍්‍රකට් නිලවරණයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති, උප සභාපති ධුර 02 ක්, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන ප‍්‍රධාන තනතුරු සදහා නිලධාරීන් තෝරාපත් කර ගැනීමට නියමිතයි.

මෙවර ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදී කී‍්‍රඩා සමාජ, දිස්ති‍්‍රක් සහ පළාත් කී‍්‍රඩා සංගම් ඇතුලූ පාර්ශ්ව 144 ක් ඡුන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. සභාපති ධුරය සදහා වත්මන් සභාපති ෂම්මි සිල්වා සහ රණතුංග පාර්ශවයෙන් කි‍්‍රකට් ආයතනයේ උප සභාපතිවරයෙකු වූ කේ මතිවානන් තරග වැදීමට නියමිතයි.

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator