මේ වසරේ ජුනි මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනපතිවරයා විසින් එළැඹෙන බදාදා සිය සංධානයේ හිටපු පළාත් සභා මන්ත්රීවරුන්ව හමු වීමට නියමිත බව පැවසේ.
පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස එහිදී දැනුම් දීමක් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.