fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ශිරාල්, සජිත්ට ගහන්නෙ #2024පාඨලි වෙනුවෙන් ද?

මේ වනවිට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ෆේල් වී ඇතත්, මොළයක් නැති විපක්ෂයකින් රටට වැඩක් නැතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

ආණ්ඩුව ෆේල් වූ පමණින් පුරවැසියා විපක්ෂය බාර ගැනීමට සුදානම් නැතැයි ද ඔහු පෙන්වාදෙයි. එහෙයින් තාර්කික විසඳුමක් සොයා ගැනීම විපක්ෂයේ වගකීම බවද ඔහු කියා සිටියි.

ශිරාල් ලක්තිලක එම කාරණා පවසා ඇත්තේ අන්තර්ජාල වැඩසටහනකට එක්වෙමිනි.

කෙසේ නමුත් ශිරාල් ලක්තිලක මේ වන විට පාඨලි චම්පික රණවක සමඟ දේශපාලන ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇති අතර පසුගිය දා “වී” එෆ්.ඒම්. ගුවන් විදුලියේ ‘සිද්දමුල්ල’ නමැති කාලීන සංවාද වැඩ සටහනට එක්වෙමින් පවසා සිටියේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පාඨලි චම්පික රණවක වියහැකි බවටයි.

මීට පෙර එජාපය තුළ සිටිමින් සජිත් ප්‍රේමදාස එහි නායකයා කිරීමට කැපවූ, ඒ වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගල් ගැසීමට මෙන්ම කුප්‍රකට කුරුඳු පොලු හටනට මැදිහත් වූ පසුව සමගි ජනබලවේගය පක්ෂය පිහිටුවීමට තීරණාත්මක මැදිහත්වීමක් කළ ශිරාල් ලක්තිලක යහපාලන ආණ්ඩුව සමයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළේය.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator