fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ශ්‍රීලනිපය විනාශ කරන්නේ බැසිල් ද? : ආණ්ඩුව පිළිකුල් බවටත් චෝදනාවක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායකයින් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් ඇතැයි එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාව මඟින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා එල්ල කිරීම එම කුමන්ත්‍රණයේ එක් කොටසක් බව ද ඔහු කියා සිටියි.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙම අදහස් පළකළේ මහනුවර ප්‍රදේශයේ ( පෙබ.28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“මං හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ආකාරයකින් අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් මැතිවරණය නිමාවීමත් සමගම ආරම්භ වුණා කියලා. අපට මේ කාරණාව හරියට අධ්‍යනය කළොත් එහෙම මේකෙ පළමුවෙනි පියවර විදියට අපට පේනවා අපිත් සමග මැතිවරණයට පෙර අත්සන් කරපු මූලික එකඟතාවයන් එකක්වත් ඉටු කළේ නෑ. ඇමති මණ්ඩලයේ නියෝජනයන්, නියෝජ්‍ය ඇමති මණ්ඩලයේ නියෝජනයන්, ජාතික ලැයිස්තුවෙ නියෝජනයන්, වෙනත් නිලතල වල නියෝජනයන් ඒ කිසිවක් අපට ලබාදුන්නෙ නෑ හරියට. ඒක මං හිතන්නෙ සිතාමතා කරපු දෙයක්.

දෙවනුව අපි දැක්කා එමගින් අපේ පක්ෂය දෙකඩ කරලා වෙනත් පක්ෂයක් නිර්මාණය කරපු හැටි.

තුන්වෙනුව අපට මැතිවරණය ඉස්සරහා අපට පොරොන්දු දීලා ඒ පොරොන්දු කඩකරලා අපේ පක්ෂය යම් ආකාරයකින් ඉතාම අසීරු තත්වයකට පත්කිරීමේ ක්‍රියාවලිය.

දැන් මේ අවස්ථාවෙදි අපට පේනවා අපෙ පක්ෂයේ නායක කාරකාදීන්ට පහරදීලා කොන් කරලා අධිකරණමය ක්‍රියාමාර්ග වලට කොටුකරලා කිසියම් ප්‍රමාණයකට පක්ෂයේ නායකත්වය, බලතල, පක්ෂ ව්‍යුහය උදුරාගන්නට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණයත් මට හිතෙනවා යම් ආකාරයක උත්සාහයන් තියෙනවාද කියන කාරණය.

මම හිතනවා මේ වෙලාවෙ ශ්‍රීලනිපය විනාශ කිරීම සඳහා දරණ උත්සාහයන් පෙලේ එක අවස්ථාවක් විදියට තමයි අපි මේක දකින්නෙ.

ඒ වගේම මෙය පරාජය කිරීම සඳහා අපෙ පාක්ෂිකයින්ට අපෙ හිතවතුන්ට අපෙ සහෝදර සෙසු ප්‍රගතිශීලී වාමවාදී දේශප්‍රේමී සියලු පක්ෂවලට සංවිධානවලට ආයතනවලට අපි ආරාධනා කරනවා අපිත් සමග එකතුවෙන්න කියලා” යයි ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් පැවසිය.

මේ නොකියා කියන්නේ බැසිල් ගැනද ?

පාස්කු කොමිසම් වාර්තාව පදනම් කරගනිමින් පක්ෂයට හා පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි ශ්‍රීලනිප නායකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල ප්‍රකාශ කලද ඒ කුමන්ත්‍රණකරු කවුරුන්දැයි ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වා ඇතිබවක් පෙනේ.

කෙසේවුවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි ඔවුන්ගේ චෝදනාව එල්ලවී ඇත්තේ බැසිල් රාජපක්ෂ වෙතය.

අපවෙත වාර්තාවන පරිදි බැසිල් රාජපක්ෂ පසුගියදා දෙවතාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සහද කතාබහක් සිදුකර ඇත. මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ පැවති එම සාකච්ජාවලට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුද එක්ව සිටියේය.

ආණ්ඩුවේ වැඩ බිම්මට්ටමේ පිළිකුල් වෙන්න අරගෙන

මෙඇ අතර ජනතාව මේ වනවිට බිම් මට්ටමින් ආණ්ඩුවේ කටයුතු පිළිකුල් කරන තත්ත්වයකට පත්ව සිටින බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

අද වන විට ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නොසිටින බව තේරුම් ගත යුතු බවත් ඔහු පවසයි.

ගාල්ල හබරාදුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර බොහෝ පටු විදිහට හිතන දේශපාලන පක්‍ෂයක් වුවහොත් ජනතාව පක්‍ෂයෙන් ඈත් වනු ඇතැයිද පවසයි.

අද සියලු ජනතාව පෙළ ගැසෙමින් සිටින්නේ පක්ෂය පමණක් නොව ආණ්ඩුවද තල්ලු කර දැමීමට බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator