fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

දුමින්ද සිල්වාගේ නිදහස, අධිකරණයට අපහාසයක් වන ලකුණු: අගවිනිසුරුවරයාට පැමිණිල්ලක්

දේශපාලන පළිගැනිම් පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා නීතිඥවරුන් 4 දෙනෙක් ඊයේ (01) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මෙම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ, 2015 ජනවාරි 8 වන දා හා 2019 නොවැම්බර් 19 වන දා කාලය අතරතුරදී සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තියේ අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව සහ ඒ හරහා අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ, නීතිඥ අචලා සෙනෙවිරත්න, නීතිඥ සේනක පෙරේරා, නීතිඥ නාමල් රාජපක්ෂ හා නීතිඥ තම්බයියා ජෙයරත්නරාජා යන සිව් දෙනා විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් අගවිනිසුරුවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කළ අංක 2157/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත් ම කර නොමැති බවට පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥවරු චෝදනා කරති.

දුමින්ද සිල්වා මහතා දේශපාලන අසාධාරණයට ලක්කර ඇති බවත් ඔහුට එරෙහිව නියම කර ඇති මරණ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නැවත සලකා බැලීමට නිර්දේශ කිරීම මගින් අධිකරණයට යුක්ති හා සාධාරණත්වයට කරනු ලැබු අපහාසයක් වන්නේ යැයි ද එම නීතිඥවරුන් පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයා වෙත පෙන්වා දී තිබේ.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator