fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව වසර 35 ක කාලයක් සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු ශ්‍රී ලංකා රජයට බාරදීමේ පදනම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත.

බටහිර පර්යන්තය සඳහා සුදුසු ආයෝජකයෙකු ‍නම් කරන්නැයි රජය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ‍වෙත සහ ජපාන තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව ඉන්දියාව විසින් ඒ සඳහා අදානි සමාගම යෝජනා කර ඇති අතර ජපාන රජය කිසිදු ආයෝජකයෙකු නම්කර නොමැත.

දැනට ඉදිවෙමින් පවතින නැගෙනහිර පර්යන්තයේ 49% ක කොටස් අදානි සමාගමට සහ ජපාන සමාගමකට පැවරීමට සූදානම් වූ නමුත් එල්ල වූ විරෝධය හමුවේ එය නතර කිරීමට ආණ්ඩුවට සිදුවිය. ඒ වෙනුවට බටහිර පර්යන්තය විදෙස් සමාගම් හා එක්ව සංවර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත් කෙරිණි.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator